වසර 40කට පසු බ්‍රිතාන්‍යයේ උද්ධමනය ඉහළට | දිනමිණ

වසර 40කට පසු බ්‍රිතාන්‍යයේ උද්ධමනය ඉහළට

වසර 40කට පසු බ්‍රිතාන්‍ය යේ උද්ධමනය 9.1%කින් ඉහළ ගොස් ඇතැයි එරට ජාතික සංඛ්‍යාලේඛන වාර්තා පෙන්නුම් කරයි. එංගලන්ත බැංකුව ප්‍රකාශ කර ඇත්තේ ඉදිරියේදී මේ තත්ත්වය තව දුරටත් වර්ධනය වනු ඇති බවය. ජී-7 නමින් හඳුන්වන ලොව ධනවත්ම රටවල් හතේ සංවිධානයේ වඩාත්ම අයහපත් උද්ධමනයකට හිමිකම් කියන රට බවට ද බ්‍රිතාන්‍යය පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර අවසන් වරට මෙවැනි උද්ධමනයකට බ්‍රිතාන්‍යය මුහුණ දී ඇත්තේ 1982 වසරේදීය.

පසුගිය මැයි මාසයේදී වාර්තා වූ ආහාර මිල ඉහළ යෑම හේතුවෙන් අමෙරිකා ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම 0.6%කින් පහත වැටී ඇත.

බ්‍රිතාන්‍යය තුළ අඛණ්ඩව ඉහළ උද්ධමනයක් වාර්තා වනු ඇතැයි දැනටමත් බොහෝ ආයෝජකයන් බිය පළ කර ඇති අතර, මේ හේතුවෙන් යුරෝපා හවුලේ වෙළෙඳ සබඳතාවලට බලපෑම් එල්ල වනු ඇතැයි ද ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවා තිබේ.

නව අදහස දක්වන්න