Friday, ජුනි 24, 2022 - 10:50
ඉන්දියාවේ මණ්ඩපම් ප්‍රදේශයේ සිට තලෙයිමන්නාරමට රැගෙන ඒමට සූදානම් කොට තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා වියළි මුහුදු කූඩැල්ලන් හා මුහුදු ආහාර කිලෝ ග්‍රෑම් 1800 ක් ඉන්දීය ජල ජීවී සංරක්ෂණ නිලධාරීන් හා පොලීසිය විසින් සැකකරුවන් තුන් දෙනෙකු සමග 23 දා අත් අඩංගුවට ගෙන තිබේ.
මණ්ඩපම් ප්‍රදේශයේ ජල ජීවී සංරක්ෂණ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පොලීසිය සමග ඔවුන් ගොස් මණ්ඩපම් වේදාලෙයි වෙරළාශ්‍රිත ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී ශ්‍රී ලංකාවට එවීමට සූදානම් කොට තිබූ මුහුදු කූඩැල්ලන් හා මුහුදු ආහාර තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.
සැකකරුවන් තුන් දෙනාගෙන් දෙදෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර සෙසු තැනැත්තා යාපනයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.
සැකකරුවන් හා මුහුදු කූඩැල්ලන් තොගය මණ්ඩපම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඉන්දීය ජල ජීවී සංරක්ෂණ නිලධාරීන් හා පොලීසිය පියවර ගෙන තිබේ.
(උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ )
නව අදහස දක්වන්න