ඔස්ට්‍රේලියා ‘ඒ’ පිලට ලකුණු 367ක ඉලක්කයක් | දිනමිණ

ඔස්ට්‍රේලියා ‘ඒ’ පිලට ලකුණු 367ක ඉලක්කයක්

නිපුන් ධනංජය සහ සහන් ආරච්චිගේ පිට පිට අර්ධ ශතක රැස් කරමින් දැක්වූ සටන්කාමී පිතිහරඹය හේතුවෙන් සංචාරක ඔස්ට්‍රේලියා ‘ඒ’ කණ්ඩායමට දෙවැනි සිව්දින තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 367ක ඉලක්කයක් දීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට හැකි විය.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවත්වෙන මේ තරගයේ ඉලක්කය හඹා යන ඔස්ට්‍රේලියා ‘ඒ’ කණ්ඩායම ඊයේ තෙවැනි දිනයට ක්‍රීඩාව නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 37ක් රැස් කර තිබිණි. ඒ අනුව තරගය ජය ගැනීමට සඳහා කඩුලු 9ක් අතැතිව සිටින ඔස්ට්‍රේලියාව තවත් ලකුණු 330ක් පසුපසින් සිටී. අද තරගයේ අවසන් දිනයයි.

නව අදහස දක්වන්න