හිරු... | දිනමිණ

හිරු...

මන්නාරමේ පම්බන් දකුණ ධීවර වරායේ මසුන් මරමින් සිටි ධීවරයින් පිරිසකට රුපියල් 70000ක් පමණ වටිනා කිලෝ ග්‍රෑම් 55ක් බර ඉතා දුර්ලභ ගණයේ මත්ස්‍යයෙකු හමු වී තිබේ.

ධීවරයින් විසින් හිරු මත්ස්‍යයින් ලෙස හදුන්වන මෙම මත්ස්‍ය විශේෂය දෙමළ ධීවරයින් විසින් සූර්ය මීන් වශයෙන් හදුන්වනු ලබන අතර ඔවුන් ධීවරයින්ගේ දැලකට හසුවන්නේ ඉතා කලාතුරකින් බව මන්නාරමේ ධීවරයෝ කියා සිටියහ. මෙම දුර්ලභ මත්ස්‍යයා දැක බලා ගැනීමට විශාල පිරිසක් පැමිණි අතර මන්නාරම් වැල්ලේ මාලු වෙන්දේසි කළ අවස්ථාවේදී මෙම මත්ස්‍යයා රුපියල් 80000 කට අලෙවි වී තිබේ.

උතුරු පළාත් විශේෂ
රසුල දිල්හාර ගමගේ

නව අදහස දක්වන්න