ජා-ඇළ ඉන්ධනහලක තිෙද­‍ෙනක් නාවික ෙසබළාෙග් ගිනි අවිය උදුරාෙගන යකා නටලා | දිනමිණ

ජා-ඇළ ඉන්ධනහලක තිෙද­‍ෙනක් නාවික ෙසබළාෙග් ගිනි අවිය උදුරාෙගන යකා නටලා

ජා-ඇල ඒකල ගමිපහ මාර්ගයේ ඉන්ධන හලක ඊයේ(22) ඉන්ධන බෙදා හැරීමේදි එහි ආරක්ෂාවට සිටි අවිගත් පොලිස් හා නාවික නිලධාරින්ගේ රාජකාරියට බාධා කරමින් නාවික ෙසබෙළකුෙග් ගිනි අවියද පැහර ගැනිමට තැත් කරමින් ප්‍රචන්ඩකාරි ලෙස හැසුරුන පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව ජා-ඇල පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් (23) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසිය කියයි.

අදාළ සිද්ධිය වු අවස්තාවේ එක් සැකකරුවෙකු එම අවස්තාවේ ඉන්ධන හලේ ආරක්ෂවට සිටි නාවික භටයෙකුගේ ගිනි අවිය පැහර ගැනිමට තැත් කරණ අයුරු ඉන්ධන හලේ cctv කැමරාවේ පැහදිලිව දර්ශනය වි ඇති බවද පොලිසිය සදහන් කරයි.

මෙසේ අත්අඩංගුව ගෙන ඇති සැකකරුවන් ඒකල ප්‍රදේශයේම පදිංචි වයස 30-40 අතර පුද්ගලයින් බවත් ඔවුන්ට විරුද්ධව නිති විරෝධි මත්පැන් පෙරිම සහ විකිණිම සම්බන්ධයෙන්ද චෝදනා විභාග වෙමින් පවතින බවද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ජාඇල පොලිසියේ ස්ථානාධිපති පුධාන පොලිස් පරික්ෂක ආර්.එමි.ජි.ඩී.රත්නායක මහතාගේ මෙයෙවිම මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සම්පත් දිසානායක,පොලිස් සැරයන් 35599 වන්නිනායක,පොලිස් කොස්තාපල් 24346 සිල්ව යන නිලධාරින් වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

තිස්ස කොටින්කඩුව-ජාඇල විශේෂ

නව අදහස දක්වන්න