යතුරුපැදිය පැහැරගත් හොරා ත්‍රීවීලර් රථයක ගැටී රෝහලේ | දිනමිණ

යතුරුපැදිය පැහැරගත් හොරා ත්‍රීවීලර් රථයක ගැටී රෝහලේ

බඩල්කුඹුර පොලිස් වසමේ කරවිලඇල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නතරකර තිබූ යතුරුපැදියක් පසුගිය 21 වැනිදා රාත්‍රී සොරාගෙන රැගෙන යද්දී යතුරුපැදිය ත්‍රීවීල් රථයක ගැටීමෙන් යතුරුපැදිය සොරකම් කළ සැකකරු බරපතළ තුවාල ලබා මොනරාගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බඩල්කුඹුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

යතුරුපැදියේ හිමිකරු විසින් පසුගිය 21 වැනිදා සවස ක්‍රිකට් තරඟයක් නැරඹීම සඳහා අසල්වැසි නිවෙසකට ගොස් එම නිවස ඉදිරිපිට යතුරුපැදිය නතර කර ඇත. ක්‍රිකට් තරඟය නරඹා ආපසු පැමිණ යතුරුපැදිය බැලීමේදී එය තිබී නැත. තම යතුරුපැදිය සොරාගෙන ගොස් ඇති බවට පසුගිය 22 වැනිදා උදේ බඩල්කුඹුර පොලීසියට ඔහු විසින් පැමිණිල්ලක් සිදු කර ඇත.

ඌව වෙල්ලස්ස විශේෂ - ඩී .එස්. ගුණතිලක

නව අදහස දක්වන්න