භාණ්ඩ එකතු කරන මුවාවෙන් අරක්කු විකුණා දැලේ | දිනමිණ

භාණ්ඩ එකතු කරන මුවාවෙන් අරක්කු විකුණා දැලේ

වෙළෙඳාම් කිරීම සඳහා භාණ්ඩ එකතු කිරීමේ මුවාවෙන් ගම්වලට පැමිණ ගම්මුන්ට රජයේ අරක්කු වැඩිමිලට අළෙවි කිරීමේ නිරතව සිටි පුද්ගලයකු ඔහු සතුව තිබූ රජයේ අරක්කු බෝතල් තොගයක්ද සමඟ ඊයේ (23) උදෑසන අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60ක පුද්ගලයෙකි. කන්දකැටිය පොලීසිය වෙත ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු සතුව අරක්කු මිලිලීටර් 250 බැගින් අසුරා තිබූ බෝතල් හතරක් තිබී ඇතැයි පොලීසිය පවසයි.

මීගහකිවුල සමූහ - එන්. නවරත්න

නව අදහස දක්වන්න