ඥාති සොහොයුරියට අතවර කළ චෝදනාවකට තරුණයෙක් අත්අඩංගුවට | දිනමිණ

ඥාති සොහොයුරියට අතවර කළ චෝදනාවකට තරුණයෙක් අත්අඩංගුවට

වයස අවුරුදු දොළහක බාල වයස්කාර දැරියකට අතවර කිරීමේ සිද්ධියකට හිදෝගම ප්‍රදේශයේ තරුණයකු හිදෝගම පොලිසියේ අත්අඩංගුවට පත් වී තිබේ. වයස අවුරුදු 10ක් වූ කාලයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිින කාලයේදී චූදිත තරුණයා දැරිය අතවරයට ලක් කර ඇති බවද වාර්තා වේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මේ වන විට වයස අවුරුදු දහ අටක් වන, නාච්චදුව නව නගරයේ පදිංචි තරුණයකු බව පොලීසිය කියයි.

වින්දිත දැරියගේ මව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රැකියාවක නිරත වෙන බවත් ඇයගේ පළමු විවාහයේ දියණියක වන මෙම දැරිය මිත්තණිය භාරයේ සිටියදී මෙම අපරාධය සිදුව ඇති බවත් පොලීසිය කියයි. පසුගිය දිනක දැරිය පාසල් යෑමට නිවෙසින් පිටව ගොස් ඇති අතර, පාසලට නොපැමිණි බව නිවැසියන් දැන ගැනීමෙන් අනතුරුව යළි නිවෙසට පැමිණි විට කරුණු විමසීමේ දී, ප්‍රදේශයේ තරුණයකුගේ නමක් පවසමින්, එම තරුණයා විසින් පාසල් යන විට තමාව බලහත්කාරයෙන් නිවෙසකට රැගෙන ගොස් අත පය ගැට ගැසූ බව දැරිය ප්‍රකාශ කළේ යැයි මව විසින් සිදු කළ පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය කියයි.

ඒ අනුව දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ස්ත්‍රී දූෂණයකට ලක්ව ඇති බව අනාවරණය වූ බව ද පොලීසිය සඳහන් කළේය.

අනුරාධපුර - සශිනි මධුෂානි

නව අදහස දක්වන්න