නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ 35 ක් අත්අඩංගුවට | දිනමිණ

නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ 35 ක් අත්අඩංගුවට

පානදුර ප්‍රදේශයට  ඔබ්බෙන් වූ  බටහිර මුහුදු ප්‍රදේශයේ මුහුදේ ඊයේ (23) සිදු කළ සෝදිසි හෙහෙයුමක දී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 35 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙයි.
 
මෙහිදී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් පස් දෙනෙකු ද (05)  ඇතුළුව පිරිමි පුද්ගලයන් 25ක්, කාත්තාවන් 04ක් හා ළමුන් 06 දෙනෙකු හමුදා භාරයට ගෙන ඇත.
 
මෙම සැකකරුවන් ත්‍රීකුණාමලය, මන්නාරම, මඩකලපුව, මීගමුව, කල්පිටිය සහ නුවරඑළිය යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරාය පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන බව ද වාර්තා වෙයි
 
නාවික හමුදාව සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මෙම යාත්‍රාව දීර්ඝ මුහුදු ගමනකට නුසුදුසු තත්ත්වයේ පවතින බවයි

නව අදහස දක්වන්න