භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට සහන දීමට ඇෆ්ගනිස්තානය ලෝකයෙන් උදවු ඉල්ලයි | දිනමිණ

භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට සහන දීමට ඇෆ්ගනිස්තානය ලෝකයෙන් උදවු ඉල්ලයි

දරුණු ආර්ථික පසුබෑමකට ලක් වී සිටියදී පෙරේදා අලුයම ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර පළාතේ සිදු වූ බිහිසුණු භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට සහන සැලීමට එරට තලේබාන් රජය අන්තර්ජාතික සහාය ඉල්ලා සිටී. විනාශ වූ නිවාසවලට යට වී සිටින පුද්ගලයන් සොයා මෙහෙයුම් කණ්ඩායම් අඛණ්ඩව කටයුතු කරමින් සිටින අතර, දරිද්‍රතාවෙන් පීඩා විඳින පළාතක් ලෙස සැලකෙන එම පළාතේ ජනතාවට සහන සැලසීම සංකීර්ණ ගැටලුවක් බවට පත්ව ඇතැයි වාර්තා වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ තවත් අන්තර්ජාතික සංවිධාන රැසක නියෝජිතයන් මේ වන විට එම පළාතට පැමිණ සිටින අතර, වෛද්‍යවරු, හදිසි කාර්ය මණ්ඩල සහ ස්වේච්ඡා කණ්ඩායම් රැසක් ද මෙහෙයුමට එක්ව සිටිති. විපතට පත්වූවන්ගේ පවුල්වලට වන්දි ලබාදීම සඳහා ලොව සියලු රටවලින් සහ අන්තර්ජාතික සංවිධානවලින් ආධාර බලාපොරොත්තු වන බව තලේබාන් රජය නිවේදනයක් නිකුත් කර තිබේ.

නව අදහස දක්වන්න