හිටපු අැමැති ජොන්ස්ටන්ගෙන් CIDය නැවත ප්‍රශ්න කරයි | දිනමිණ

හිටපු අැමැති ජොන්ස්ටන්ගෙන් CIDය නැවත ප්‍රශ්න කරයි

ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීම

ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් කෙරන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අැමැති පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් ඊයේ (24) දීර්ඝ ලෙස ප්‍රශ්න කරනු ලැබීය.

අධිකරණ දුන් නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ හිටපු අැමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පෙනී සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සිදු වූයේ පසුගිය මැයි 09 වැනිදාය. ඒ සම්බන්ධයෙන් හිටපු අැමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුලින්ම ප්‍රශ්න කරනු ලබන්නේ මැයි 24 වැනිදාය. පැය 05ක පමණ කාලයක් ඔහුගේන් ප්‍රශ්න කර තිබිණි.

දෙවැනි දිනට ඔහුගෙන් ප්‍රශ්න කරනුයේ පළමු දින ප්‍රශ්න කිරීමෙන් මාසයකට පසුවය.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න