Monday, ජුනි 27, 2022 - 08:00
පෑලියගොඩ පොලිස් වසමේ දුම්රියපොළ පාර, පට්ටිය හංදිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.
ඉයේ(26) රාත්‍රියේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ, 32 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
අදාළ පුද්ගලයා බිරිඳ සහ දෙහැවිරිදි තම පිරිමි දරුවා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගයෙකු දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර පලා ගොස් තිබේ.
මෙම වෙඩි තැබීමෙන් මාර්ගයේ ගමන් කළ කාන්තාවක් ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ද, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ වයස අවුරුදු 02ක්වන පිරිමි දරුවා රිච්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබයි.
මෘත ශරීරය ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ඝාතය සිදු කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා කැළණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
නව අදහස දක්වන්න