කොල්ලකෑ මහජන දේපොළ ජාජබයේ පාලනයක් යටතේ යළි රජයට ගන්නවා | දිනමිණ

කොල්ලකෑ මහජන දේපොළ ජාජබයේ පාලනයක් යටතේ යළි රජයට ගන්නවා

අනුර කුමාර දිසානායක

මහජන දේපළ කොල්ල කෑ, දැනට සිටින දේශපාලනඥයන් සහ මියගොස් සිටින දේශපාලනඥයන්ගේ එම දේපළ ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ යළි රජයට ලබා ගැනීමට කටයුතු කරන බව එහි නායක සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ පෙරේදා(26) අනුරාධපුරයේ පැවැති ජන රැලියට සහභාගි වෙමිනි.

රට ගොඩනැගීමේ නිවැරැදි සැලැස්මක් ජාතික ජන බලවේගයට තිබෙන බවද මෙහිදී ප්‍රකාශ කළ අනුර කුමාර දිසානායක මහතා, රටට ඇති වී තිබෙන ව්‍යසනය පිළිබඳ රටේ සියලු දෙනාම දැනුවත් කරමු යැයි තම පක්ෂයේ සාමාජිකයන් ගෙන් මෙහිදී ඉල්ලා සිටියේය.

අවිනිශ්චිතතාවෙන් යුත් රටක් ලෙස, ලොව පුරා ක්‍රියාත්මක වන මාධ්‍යයන් මෙරට හඳුන්වන බවද, මෙහිදී ප්‍රකාශ කළ ජාතික ජන ජන බලවේගයේ නායකයා, රට තුළ ක්‍රියාත්මක වන දූෂිත විනාශකාරී පැලැන්තිය එලවා දැමිය යුතු යැයි ද යයි ද පැවසීය.

උපාලි කරුණාරත්න

නව අදහස දක්වන්න