ඉන්ධනහල් පෞද්ගලීකරණයට විරෝධය පා බලශක්ති ලේකම් ප්‍රාණ ඇපයට ගනී | දිනමිණ

ඉන්ධනහල් පෞද්ගලීකරණයට විරෝධය පා බලශක්ති ලේකම් ප්‍රාණ ඇපයට ගනී

ඉන්ධන පිරවුම්හල් පෞද්ගලික අංශයට පැවරීමේ යෝජනාවට විරෝධය පළකරමින් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා අමාත්‍යාංශය තුළ රඳවා තැබීමට සේවකයන් පිරිසක් කටයුතු කර තිබේ.

වෘත්තීය සමිති සමඟ එකඟතාවකින් තොරව පිරවුම්හල් සහ පිරිපහදුව පෞද්ගලිකකරණය සම්බන්ධයෙන් තීරණයක් නොගන්නා ලෙස බලකර ඛනිජ තෙල් සේවකයන් පිරිසක් මෙලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ මහතා අමාත්‍යාංශයේදී මෝටර් රථය වටකර විරෝධතාවක නිරතව ඇත. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් පෞද්ගලික අංශයට දෙන බවට විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දැනගැනීම සඳහා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයන් පිරිසක් අමාත්‍යාංශය වෙත පැමිණ තිබේ.

එහෙත් ඇමැතිවරයා එහි නොසිටීම හේතුවෙන් එම පිරිස අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරතව තිබෙන අතර එම අවස්ථාවේ දී අමාත්‍යාංශ ලේකම්වරයා සිය නිල රථයෙන් පිටතට පැමිණීමට උත්සාහ කිරීමත් සමඟ විරෝධතාකරුවන් ඔහුට අවහිර කර ඇත.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න