වැඩ බලන අධ්‍යාපන ඇමැති බන්දුල | දිනමිණ

වැඩ බලන අධ්‍යාපන ඇමැති බන්දුල

වැඩබලන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පත් කර තිබේ. අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද (28) පැරීසියේ පැවැත්වෙන යුනෙස්කෝ සංවිධානය පවත්වන අධ්‍යාපන ඇමැතිවරුන්ගේ සමුළුව සඳහා දිවයිනෙන් බැහැරව යාම හේතුවෙන් වැඩ බලන අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් පත් කර තිබේ.

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැරීසිය බලා පිටත්ව යන්නේ රටවල් 195ක් සහභාගී වන අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගී වීමට වන අතර එහිදී ලෝකය පුරා දරුවන්ගේ අධ්‍යාපනයට කොවිඩ් හේතුවෙන් වූ බලපෑම සහ වසර 2030 දී දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනයක් ළඟා කරගැනීම සඳහා වන පෙර සූදානම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදු කෙරේ. එම සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ලබන ජූලි මස පළමුවැනිදා දිවයිනට ළඟා වන බව ‘දිනමිණ‘ කළ විමසීමකදී පැවැසීය.

සුභාෂිණී සේනානායක සහ රක්ෂණ ශ්‍රියන්ත

නව අදහස දක්වන්න