රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක් | දිනමිණ

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශ වෙතින් සපයන උපත්, විවාහ, මරණ සහ සියලුම ඉඩම් රෙජිස්ටාර් සහතික පිටපත් නිකුත් කිරීම සතියකට දින දෙකකට සීමා කරන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි. 
 
ඒ අනුව සඳුදා සහ බදාදා දින දෙක තුළ පමණක් එම කටයුතු සිදු කෙරේ. 
 
ඒ පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වාය. 
 
කෙසේ වෙතත්, බත්තරමුල්ල ‘සුහුරුපාය’ හි පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සහ මහනුවර, මාතර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාලවල පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ශාඛා සාමාන්‍ය පරිදි සතියේ දිනවල ක්‍රියාත්මක වේ.

නව අදහස දක්වන්න