ආහාර මිල ඉහළ යෑමෙන් ඉරානයේ අර්බුද රැසක් | දිනමිණ

ආහාර මිල ඉහළ යෑමෙන් ඉරානයේ අර්බුද රැසක්

සහන ඉල්ලා ජනතාව පාරට බසිති

ගෝලීය ආර්ථික අර්බුදය හේතුවෙන් ඉරානයේ උද්ධමනය ඉහළ යෑමත් සමඟ වැටුප් වර්ධක ඉල්ලා ඉරානයේ විරෝධතා ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට කුකුළු මස් සහ කිරි මිල මාසයක් ඇතුළත දෙගුණයකින් වැඩිවීමෙන් පසු මේ තත්ත්වය වඩාත් බරපතළ වී ඇතැයිද වාර්තා වේ. ඊට සාපේක්ෂව පිසින තෙල් මිල ගණන් ද සිව් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ.

ඉරානයේ සුළුපරිමාණ ව්‍යාපාරිකයන්, ගුරුවරුන්, විශ්‍රාමිකයන් සහ විවිධ වෘත්තීන්හි නියැලෙන තවත් බොහෝ පිරිසක් දැනටමත් උද්ඝෝෂණ හා විරෝධතා ආරම්භ කර ඇති අතර, ඉහළ යන පාරිභෝගික මිල ගණන්වලට සමානව වැටුප් හා විශ්‍රාම වැටුප් සංශෝධනය කරන ලෙසට රජයට බලපෑම් කරමින් සිටී.

අමෙරිකාවේ සම්බාධක, කොවිඩ් වසංගතය වැනි හේතු මත බිඳ වැටුණු ඉරානයේ ආර්ථිකය යුක්රේන යුද ගැටුම් හේතුවෙන් ඇති වූ ගෝලීය ආහාර අර්බුදයෙන් තව දුරටත් පහත වැටී ඇත.

 

නව අදහස දක්වන්න