වසර 5කට පසු ඉහළ ගිය උද්ධමනයෙන් මැලේසියාවේ බඩු මිලත් නඟී | දිනමිණ

වසර 5කට පසු ඉහළ ගිය උද්ධමනයෙන් මැලේසියාවේ බඩු මිලත් නඟී

මැලේසියාවේ සමස්ත උද්ධමන වේගය වසර 5කට පසු 2.8% දක්වා ඉහළ යෑමත් සමඟ ආහාර සහ ඇල්කොහොල් ඇතුළත් නොවන බීම වර්ගවල මිල ගණන් ද සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැයි මැලේසියාවේ ‘නිව් ස්ට්‍රේට් ටයිම්ස්‘ පුවත්පත වාර්තා කළේය.

එරට ප්‍රවීණ ආර්ථික විද්‍යාඥයන්ගේ දත්ත වාර්තාවලට අනුව මැලේසියාවේ සියලු ආහාර වර්ගවල මිල පසුගිය මැයි මාසය වන විට ඉහළ ගොස් තිබේ. පසුගිය අප්‍රේල් මාසයේදී 4.1%ක අගයක් ගත් එරට ආහාර මිල ගණන් මැයි මාසය වන විට 5.5% දක්වා ඉහළයෑමෙන් ජනතාවගේ දෛනික ජීවිතයට අවශ්‍ය සියලු භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇතැයි ‘නිව් ස්ට්‍රේට් ටයිම්ස්‘ පුවත්පත වැඩිදුරටත් වාර්තා කළේය.

ඉන්ධන, ප්‍රවාහන, ආපනශාලා සහ හෝටල් මෙන්ම නිවාස මිල ගණන් ද ඉහළ යෑමත් සමග එරට පාරිභෝගික මිල දර්ශකයේ දැඩි පසුබෑමක් පෙන්නුම් කරන බව වාර්තා වේ. ඉහළ බලශක්ති මිල, අමුද්‍රව්‍යය සහ ශ්‍රමය හිඟ වීම හේතුවෙන් ඉදිරියේදී පාරිභෝගික මිල දර්ශකය තවදුරටත් බලපෑමට ලක් වනු ඇතැයි එරට ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවා තිබේ.

 

නව අදහස දක්වන්න