අමෙරිකාවේ ට්‍රක් රථයක මළ සිරුරු 50ක් | දිනමිණ

අමෙරිකාවේ ට්‍රක් රථයක මළ සිරුරු 50ක්

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ "සැන් ඇන්තෝනියෝ" නගරයට නුදුරින් අතහැර දමා තිබු ට්‍රක් රථයක් තුළ තිබී පුද්ගලයින් 50 දෙනෙකුගේ මළ සිරුරු හමුවී තිබේ.
 
ඔවුන් සංක්‍රමණිකයින් ලෙස හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
තවත් පුද්ගලයින් 16 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව සදහන් වේ.
 
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව සැන් ඇන්තෝනියෝ පොලිස් දෙපාර්තමේන්තුව් නිලධාරින් එම ස්ථානයේ සිට අතුරුදන්වූ ට්‍රක් රථයේ රියදුරු සොයා පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
 
ටෙක්සාස් ප්‍රාන්තයේ සැන් ඇන්තෝනියෝ නගරයේ සිට මෙක්සිකානු දේශසීමාව පිහිටා තිබෙන්නේ කිලෝමීටර් 250ක් පමණ දුරින්ය. 
මියගිය පුද්ගලයින් මෙක්සිකෝවේ සිට අමෙරිකාව දෙසට නීති විරෝධී ලෙස සංක්‍රමණයේ යෙදෙන පුද්ගලයින් පිරිසක් බවට විදෙස් මාධ්‍ය සැක පළ කරයි. 
 
මෙම පුද්ගලයින්ගේ මරණයට හේතුව කුමක්ද යන්න මෙතෙක් මාධ්‍යයට හෙළිකර නොමැත. 

නව අදහස දක්වන්න