විධායක ජනාධිපති ධුරය අහෝසි කළොත් නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුමයි ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ | දිනමිණ

විධායක ජනාධිපති ධුරය අහෝසි කළොත් නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුමයි ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ

වත්මන් ව්‍යවස්ථාවේ පදනම විධායක ජනාධිපති ක්‍රමය

 

විධායක ජනාධිපති ධුරය මුළුමනින්ම අහෝසි කරන්නේ නම් පවතින ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (2) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

වත්මන් ව්‍යවස්ථාවේ පදනම විධායක ජනාධිපති ක්‍රමය බවද ඇමැතිවරයා කීවේය.

ඇමැතිධූරය අහෝසි වූ විටම එම අමාත්‍යාංශයේ ලේකම් ධූරයද අහෝසි වන බවට සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා සංශෝධනය කරන බව රාජපක්ෂ මහතා කියා සිටියේය.

මේ අනුව ඇමැති ධූරය අහෝසි වූ පමණින් ලේකම් ධූරය අහෝසි නොවි නව ලේකම්වරයකු පත් වන තෙක් සිටින ලේකම්ට කටයුතු කරගෙන යෑමට නව ව්‍යවස්ථා සංශෝධනය හරයා අවස්ථාව ලැබී තිබෙන බවද ඒ මහතා පැවසීය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

අප 19 වැනි සංශෝධනයෙත් යම් දුර්වලතා හඳුනාගෙන තිබෙනවා. ඒවත් ඉවත් කර 20 වැනි සංශෝධනයේ තිබෙන යහපත් ගුණාංගත් ඇතුළත් කර හරියටම 19යට යමු කියා අර්ථ නිරූපණය කරන්න බැහැ. ඒ අනුව 19යේ ගුණාංග සහ 20 වැනි ව්‍යවස්ථාවේ සංශෝධනත්, ප්‍රතිපාදනත් ඇතුළත් කර තිබෙනවා. මෙහිදී මා විශේෂයෙන්ම කියන්න ඕනැ 19 වඩා වැඩි වෙනස්කම් ටික ගැන. මූලික වශයෙන් 19 වැනි සංශෝධනයේ දී ව්‍යවස්ථාදායක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙකු තෝරා ගැනීමේදී අගමැතිවරයාට සහ විපක්ෂනායකවරයාට බලය දී තිබුණා. මේ සංශෝධනයෙන් ප්‍රධාන විපක්ෂයෙන් සහ කුඩා පක්ෂවලින් නියෝජිතයකු පත්කර ගැනීමේ බලය ඒ ඒ පක්ෂවලට දී තිබෙනවා. එහිදී අගමැතිවරයගේ හෝ විපක්ෂනායකවරයගේ මැදිහත්වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එය සම්පූර්ණයෙන්ම කථානායකවරයාගේ අධීක්ෂණය යටතේ සිදු වෙන්න ඕනෑ කාරණයක්.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා පත් කරන්න ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියක් අවශ්‍ය නැහැ දැන් තිබෙන නීතිය අනුව 19 යටතෙත් ඒක ඇතුළත් වුණේ නැහැ. අප ඇතුළ් කර තිබෙනවා මහ බැංකු අධිපතිවරයා පත්කිරීමට පෙර ජනාධිපතිවරයා ව්‍යස්ථාදායක සභාවේ අනුමැතිය ලබා ගත යුතුයි.

19 වැනි සංශෝධනය අනුව ජනාධිපතිවරයාට අන්තර්කාලීනව අමාත්‍යාංශ තුනක් දරන්න බලය දී තිබුණා. ආරක්ෂක, මහවැලි සහ පරිසර අමාත්‍යාංශය. 19න් ඒ පාර්ලිමේන්තු වාරයෙන් පස්සේ ජනාධිපතිවරයාට ධූර දැරීමට නොහැකි වන ආකාරයට තමයි ප්‍රතිපාදන තිබුණේ. නමුත් අප මේ සංශෝධනය යටතේ ජනාධිපතිවරයා අනිවාර්යෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය දැරිය යුතුයි කියන ප්‍රතිපාදන ඇතුළත් කර තිබෙනවා. මොකද එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික හරයට බලපාන කාරණයක්.

යම් පනත් කෙටුම්පතක නීත්‍යානුකූලභාවය ප්‍රශ්න කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනතාවට අයිතියක් දී තිබෙනවා. ඒ සඳහා දැන් තිබෙන්නේ දින 7ක කාල සමාවක්. අප ඒ කාල සීමාව දින 14 දක්වා වැඩි කරන්න යෝජනා කළා. දූෂණයට එරෙහිව පැනවිය යුතු නීති 19 වැනි සංශෝධනයේ අප සඳහන් කළා. 2004 වසරේදී එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව පාර්ශ්වකරුවකු ලෙස අස්සන් කළා. මේ වන විට ඒ පනතට වැඩිදියුණු කිරීම් කර ඇමැති මණ්ඩලයට අනුමැතියට දී තිබෙන්නේ.

මහජන නියෝජිතයන්ගේ හා නිලධාරින්ගේ වත්කම්හා බැරකම් කඩිනමින් සොයා ගන්න පුළුවන් අලුත් පනතක් ඉදිරිපත් කරන්න කටයුතු කර තිබෙනවා. 19 නොතිබුණු අමාත්‍යාංශයක ඇමැතිවරයෙක් කුමන් හේතුවක් නිසා හෝ ධූර දැරීම නතර වුණහොත් අමාත්‍යාංශ ලේකම්වරයාගේ තනතුරත් අහෝසි වෙනවා. එහෙම වුණාම අමාත්‍යාංශ ගෙනියන්න බැරි වෙනවා. එය බරපතළ ලෙස රාජ්‍ය යන්ත්‍රණය කඩා වැටීමට බලපානවා. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 වගන්තිය සංශෝධනය කරලා ඇමැතිවරයා ධූරය දැරීම නතර වුණත් අලුතෙන් ලේකම්වරයෙක් පත් කරන තෙක් අමාත්‍යාංශයේ වගකීම් දැරීම තව දරටත් ලේකම්වරයා හැකියි.

ඊට අමතරව 20 වැනි සංශෝධනයේ තිබෙන හොඳ ගුණාංග මීට ඇතුළත් කරලා තිබෙනවා. ඒවා ඉවත් කරන්නේ නැහැ. 19 යෙන් ජනාධිතිවරයට සම්පූර්ණ මුක්‍ය තිබුණත් මූලික අයිවාසිකම් නඩුවකදි ජනාධිපතිවරයට අභියෝගයට ලක්කරන්න පුළුවන් කියා හඳුන්වා දුන්නා. එය 20 වැනි සංශෝධනයෙන් අහෝසි කළේ නැහැ. 20න් එය තරමක් පුළුවල් වී තිබෙනවා.

රීට් අඥා අධිකරණ බලය 20 වැනි සංශෝධනයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවන්ගේ සංඛ්‍යාව 11 සිට 17 දක්වා වැඩි කළා. අභියාචනාධිකරණයේ විනිසුරු සංඛ්‍යාව 12 සිට 20 දක්වා වැඩි කළා. මේ සම්බන්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් ඒ වගේම ප්‍රධාන විපක්ෂයත් යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය අනුව පත් කරන්න කියායි. එහෙම අවශ්‍ය නැහැ කිය මා පැහැදිලි කළා. එය මේ වන විටත් පාර්ලිමේන්තු පනතකට අන්තර්ගත වී තිබෙනවා. ලේකම්වරුන්, ආණ්ඩුකාරවරු සහ තානාපතිවරුන් පත් කිරීමේ දී අගමැතිවරයාගෙ උපදෙස් අනුව කටයුතු කළ යුතු බවට ප්‍රතිපාදන ඉල්ලා තිබෙනවා ඒක රටේ ආණ්ඩුත්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කරන්නේ මූක්‍යයට පමණයි. ඊට අදාළ අපි නිර්නායකයන් පිළිබඳව ප්‍රතිපාදන සිදුකර ගෙන යනවා. ජනාධිපති සමාව පිළිබඳව යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. යැයි ද ඇමැතිවරයා පැවසීය.

නුවන් කොඩිකාර සහ රන්මලී සෝමසිරි

නව අදහස දක්වන්න