පැතුම් කර්නර්ට ඇප | දිනමිණ

පැතුම් කර්නර්ට ඇප

පසුගිය 13වැනිදා පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේ ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමාජ ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් නැමැත්තා ඇපමත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කළේය.
 
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සෑම මසකම අවසන් ඉරු දින කොළඹ අපරාධ කොට්ඨාශයට වාර්තා කළ යුතු බවටත් නියෝග කර ඇත. 
 
එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දියයුතු බවටද නියෝග කර සිටියේය.
 
එම සැකකරු අද (04) හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කළ අතර එහිදී සාක්ෂිකරු විසින් සැකකරු හඳුනාගත් බව ද කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට වාර්තා කළේය.
 

නව අදහස දක්වන්න