නවසීලන්ත මහ කොමසාරිස් සහ ජවිපෙ නායක අතර හමුවක් | දිනමිණ

නවසීලන්ත මහ කොමසාරිස් සහ ජවිපෙ නායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අතර හමුවක් අද (04) ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.
 
මෙම හමුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සහ නියෝජ්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘෘ ට්‍රැවලර් මහතා සහ එම කාර්යාලයේ ප්‍රතිපත්ති උපදේශිකා සුමුදු ජයසිංහ මහත්මියද එක්ව සිටියහ.
 
එහිදී මේ වන රට තුළ පවතින ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡා කරන ලද අතර ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කෙරිණි. එසේම දෙපාර්ශ්වය අතර අනෝන්‍ය අවබෝධය වැඩි කර ගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමු විය.    

නව අදහස දක්වන්න