ජපන්-ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික බේස්බෝල් තරගාවලිය හෙට | දිනමිණ

ජපන්-ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික බේස්බෝල් තරගාවලිය හෙට

ජපානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ට වසර 70ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ සහාය ඇතිව ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය සංවිධාන කරන බේස්බෝල් තරගාවලිය හෙට (6) හෝමාගම දියගම ජපන්-ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

තරගාවලියට සහභාගි වීම සඳහා කණ්ඩායම් 13ක් ලියාපදිංචි වී ඇති අතර, තරග පැවෙත්වෙන මේ ක්‍රීඩාංගණයද දශකයකට පෙර ජපානයෙන්ම මෙරටට ලැබුණු තිළිණයක් වීම විශේෂත්වයකි.

එළඹෙන ඔක්තෝ­්බර් මාසයේදී පැවැත්වෙන බටහිර ආසියා ශූරතාවලියට පෙර පැවැත්වෙන අවසන් ජාතික තරගාවලිය වන මේ තරගාවලිය සඳහා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක් සහභාගී වනු ඇත.

නව අදහස දක්වන්න