ICC මාසයේ නිර්දේශිත ක්‍රීඩකයන් අතරට ප්‍රභාත් | දිනමිණ

ICC මාසයේ නිර්දේශිත ක්‍රීඩකයන් අතරට ප්‍රභාත්

නිරෝෂාන් ප්‍රියංකර

ජගත් ක්‍රිකට් කවුන්සිලය මසකට වරක් නම් කරන අයිසීසී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා ජූලි මස ලැයිස්තුවට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ඇතුළත්ව තිබේ.

අයිසීසී ප්‍රකාශයට පත් කළ නිර්දේශිත ක්‍රීඩකයන් අතට ප්‍රභාත් සමඟ එංගලන්ත ප්‍රහාරාත්මක පිතිකරු ජොනී බෙයාර්ස්ටෝව් සහ ප්‍රංශ ක්‍රීඩකයකු වන ගුස්ටාව් මැකේන් ඇතුළත්ව සිටිති.

ගාල්ලේදී ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි ජගත් ටෙස්ට් වරම් හිමි කර ගත් ප්‍රභාත් ජයසූරිය එම තරගයේදී කඩුලු 12ක් දවා ගැනීමට සමත් වූ අතර, අනතුරුව පැවති පාකිස්තානයට එරෙහි තරග දෙකකින් සමන්විත තරගාවලියේදී කඩුලු 17ක් දවා ගත්තේ සිය පළමු ටෙස්ට් තරග තුනේදී කඩුලු 29ක් බිඳ දමමිනි.

නව අදහස දක්වන්න