127 වන ජාතික දහම් පාසල් සැමරුම් උලෙළ අභිමානවත්ව | දිනමිණ

127 වන ජාතික දහම් පාසල් සැමරුම් උලෙළ අභිමානවත්ව

127 වැනි ජාතික දහම් පාසල් දින සැමරුම් උලෙළ පසුගියදා (03) මාතලේ උකුවෙළ වත්ත සිරි නිකේතනාරාම විහාරස්ථානයේදී පැවැත්වීය. එහිදී මාතලේ දහම් පාසල් අධ්‍යපනය සඳහා කැප වූ අනගාරික ධර්මපාල ඇතුළු ගිහි පැවිදි පිරිසගේ ඡායාරූප වෙත පුෂ්පෝපහාර දක්වා උපහාර දැක්වීම හා උකුවෙල ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් දහම් පාසල්හි අවුරුදු 35කට වැඩි කාලයක් ගුරුවරුන් ලෙස සේවය කළ භික්ෂූන් වහන්සේට හා ගුරුභවතුන්ට සමරු තිළිණ ප්‍රදානය කිරීම සිදු විය. එහිදී විවිධ අංශයන්ගෙන් දක්ෂතා දැක්වූ දහම් පාසල් සිසු සිසුවියන්ට ත්‍යග ප්‍රදානය කෙරිණි.

සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි ලොක් තරුණ බෞද්ධ සංඝ සම්මේලනයේ නිර්මාතෘ මුගුණුවෙල අනුරුද්ධ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා මාතලේ දිසාවේ අස්ගිරි පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක කොස්ගොල්ලේ සීලරතන හිමිපාණන්, මහනුවර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති මානින්ගමුවේ පියරතන හිමි, අනුරාධපුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි කුංචුට්ටුවේ ධම්මකුසල හිමි, උකුවෙල ප්‍රාදේශීය ලේකම් එන්. කේ. සේරසිංහ මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

මාතලේ මධ්‍යම සමූහ සිරි අබයසිරි

නව අදහස දක්වන්න