යතුරුපැදියෙන් මත්කුඩු අලෙවි කිරීමේ යෙදුණු ජාවාරම්කරුවකු යතුරුපැදියත් සමඟ බියගම පොලීසිය විසින් පෙරේදා (3) පස්වරුවේ මල්වානේ වල්ගම, ප්‍රදීපගම පන්සල අසලදී අත්අඩංගුවට ගත් බව පවසයි. ජාවාරම්කරු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 200ක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 390ක් පොලිස් භාරයට ගැනිණි.
ජාවාරම්කරු මීට ඉහත කේරළ ගංජා ළඟ තබා ගෙන පොලිසියට හසු වී ඇති සැකකරුවෙකි. බියගම පොලිස් විශේෂ කාර්ය අංශයේ බුද්ධි නිලධාරීන්ට ජාවාරම්කරු මත්කුඩු අළෙවි කිරීම සඳහා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටින බවට ලද තොරතුරක් මත මඟ රැක සිට සැකකරුව අත්අඩංගුවට ගැනීමට හැකි විය.
ජාවාරම්කරු එම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි තරුණයෙකු වන අතර, ඔහු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසයි. බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අජන්ත පුෂ්පකුමාර මහතාගේ උපදෙස් අනුව විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.ඩී. ගරුසිංහ, සැරයන් රාජපක්ෂ (63431), පො. කො. සඳරුවන් (90510), නයනජිත් (706), කරුණාතිලක (96937) හා අරවින්ද (34107) යන නිලධාරීහු වැටලීම සිදු කළහ.
මල්වාන සමූහ - මහානාම විතානගේ
දෙල්ගොඩ සමූහ - සුදත් පුබුදු කීර්ති
නව අදහස දක්වන්න