අමෙරිකාවෙන් ඩොලර් බිලියන 280ක තරගකාරි කාර්මික ප්‍රතිපත්ති පනතක් | දිනමිණ

අමෙරිකාවෙන් ඩොලර් බිලියන 280ක තරගකාරි කාර්මික ප්‍රතිපත්ති පනතක්

චීනය සමග ආර්ථික බල අරගලයක නිරතව සිටින අමෙරිකාව තරගකාරීත්වය ඉහළ දැමීම සහ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම අරමුණු කරමින් ඩොලර් බිලියන 280ක කාර්මික ප්‍රතිපත්ති පනතක් සම්මත කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය පිරිවැය අවම කිරීම සහ රැකියා උත්පාදනය ඉහළ දමන ඓතිහාසික පනතක් බවත්, මේ පනත ක්‍රියාත්මක කිරීමෙන් එරට දේශීය නිෂ්පාදනය වේගවත් වනු ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබේ.

නව පනත මගින් අමෙරිකාවේ ජනතාවගේ ජීවන වියදම පහත වැටෙනු ඇතැයි රජය අපේක්ෂා කරන අතර, මෝටර් රථවල සිට පිඟන් සෝදන යන්ත්‍ර දක්වා සියලු භාණ්ඩවල මිල මෙමගින් අඩු වනු ඇතැයි ද අමෙරිකා රජයේ අපේක්ෂාව වී ඇත.

මේ පනත මගින් අමෙරිකාව පුරා කර්මාන්තශාලා ඉදි කිරීමට සහ එමගින් රැකියා දස දහස් ගණනක් උත්පාදනය කිරීමට හැකිවනු ඇතැයි ද බයිඩ්න්ගේ විශ්වාසය වී ඇත. රටේ අවශ්‍යතාව සඳහා කිසිදු ආකාරයෙන් විදෙස් රටවල් මත රඳා පැවැතීම අමෙරිකාවේ ප්‍රතිපත්තිය නොවන බව ද අමෙරිකා ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

නව අදහස දක්වන්න