අද දවස | දිනමිණ

අද දවස

අගෝස්තු 05 - සිකුරාදා 
අද රාහු කාලය 
උදේ 10.44 සිට 12.17 දක්වා 
රාත්‍රී 10.50 සිට 12.17 දක්වා 

මේෂ
වාසනාවන්ත දරු උපත්

මේෂ ලග්නයට අනුව අද ඔබට සුබයි. දරු සම්පත් අපේක්ෂා කළ අයට දරු සම්පත් ද ආර්ථික වශයෙන් නව ආයෝජන කටයුත්තකට අතගැසීම ද සුබයි. තම දේපළ පිළිබඳ කලක් ගැටලුවක්ව තිබූ අවහිරතා මඟහැරෙනු පෙනේ. මූත්‍ර දෝෂ සහිතයි. අවිවාහක අයට මංගල සීනු හැඬවෙන දිනකි.

වෘෂභ 
වාහන ඉඩම් ලාභ

වෘෂභ ලග්නයට අනුව තම ආර්ථිකය සුබ වෙයි. වාහන ලාභ, ඉඩම් ලාභ හා නව නිවාසයක පදිංචියට යාම වැනි කරුණු පෙනේ. නීතිමය ගැටලු අවසන් වේ. රැකියා අභිවෘද්ධිය ඇති වේ. සෙම, හතිය වැනි තත්ත්වයන් තුළ එදිනෙදා කටයුතු අඩාළ වනු ඇත. පිටස්තර පාර්ශ්වයෙන් දෙන ආහාරපාන පිළිබඳ සැලකිලිමත් වන්න. යම් තරමක අවිශ්වාස කටයුතු නිසා තම චරිතයට කැළැල් සිදු වනු ඇත.

මිථුන 
උත්සවයකට ඇරියුම්

මිථුන ලග්නයට අනුව අද ඔබට තම ඥාති සබඳතා පුළුල් වේ. විවාහක අයකු නම් තම සහකරු හෝ සහකාරිය පාර්ශ්වයේ උත්සව කටයුත්තකට වෙහෙසී කටයුතු කිරීමට සිදු වේ. ආදරය ආලය සම්බන්ධ කටයුතුවලදී ජයග්‍රහණ හිමි වන අතර, නිවෙසේ සුන්දරත්වය උදෙසා වෙහෙස මහන්සි වන දිනකි. තුනටිය ආශ්‍රිත උවදුරු සහිතයි.

කටක 
හදිසි ධන ලාභ

කටක ලග්නයට අනුව හදිසි ආර්ථික සම්පතකට වාසනාව උදා වේ. පිටරටකට යෑමේ අදහසින් සිටි අයගේ බලාපොරොත්තු ඉටු වෙයි. තම භෞතික සම්පත් සඳහා උවදුරු මතු කෙරෙන නිසා කල්පනාකාරී වන්න. ආගමික කටයුත්තකට වෙහෙසී කැප වීමට සිදුවේ. උගුරේ අසනීප පෙන්වයි. සීතල ආහාරයෙන් වැළකී සිටීමට සිදුවේ. තම එදිනෙදා කටයුතු ලෙහෙසි කර ගැනීමට පිටස්තර අයගේ සහාය අවශ්‍ය දිනකි.

සිංහ 
කලා කුසලතාවලට තැන

සිංහ ලග්නයට අනුව සතුට අභිවෘද්ධිය උදා වන දිනකි. කලා කටයුතු දියුණු කෙරෙන අතර, මනා කුසලතා මතු කෙරෙනු ඇත. තම අවිවාහක දියණියක් වෙනුවෙන් වෙහෙස වී කටයුතු කිරීමට සිදුවන අතර, ඒ අයගේ විවාහ උත්සවයක් සඳහා කටයුතු සංවිධාන වන දිනකි. දණහිස ආශ්‍රිත හදිසි අනතුරු පෙන්වයි. පරිස්සම් වන්න.

කන්‍යා  
ඇගයීමට ලක් වේ

කන්‍යා ලග්නයට අනුව ඔබට අද දින සිය වාසස්ථානයෙන් බැහැර රාජකාරි කටයුත්තකට යෑමට සිදු වේ. එහෙත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සඳහා ආයතන මට්ටමේ සහාය හිමි වන අතර, බොහෝ ඇගයීමට ඔබ ලක් වන දිනකි. අවිවාහක අයට මංගල යෝග උදාවන දිනක් වන අතර, ආගමික කටයුත්තකට යොමු වන දිනයක් ද වෙයි. කුස උෂ්ණ ගති නිසා ශාරීරිකව දැනෙන අපහසුතා මඟ හැර ගැනීමට වෛද්‍ය ප්‍රතිකාර පැතීමට සිදු වන දිනයකි.

තුලා 
සිතේ නොසන්සුන්තා

තුලා ලග්න හිමි ඔබට අද දින තම රැකියා ස්ථානගත වගකීම් වඩ වඩාත් වැඩි වන ලකුණු පෙනේ. සෙසු හිතවතුන්ගේ සහාය මත ආර්ථික ප්‍රතිලාභයකට ද හේතුයි. තමා විසින් කෙනකුට දී නැවත ගැනීමට නොහැකිව තිබූ ණය මුදලක් තමා අතට පත් වනු ඇත. පිටරටක සිට පැමිණි අයකු මගින් ගැටලු රැසකට විසඳුම් ලබා ගැනීමට ද හැකි වේ. තමා කලක් තිස්සේ පාඩුවට ආ ව්‍යාපාරයක් ලාභ ලැබෙන ආකාරයේ වෙනසකට පත් කර ගැනීමට අවස්ථාව උදා වේ.

වෘශ්චික 
දරුවන්ට ජයග්‍රහණ

වෘශ්චික ලග්නයට අනුව ඔබට තම අදහස් ප්‍රතිඵලදායක දෙයකට යොමුකර ගැනීමට හැකිවේ. දරුපල අපේක්ෂා කරන අයට වාසනාවන්ත දරුපල ද දැනට දරුවන් සිටින අය නම් එම දරුවන්ගේ ජයග්‍රහණ තුළින් සිතට සතුට උදා කරන දිනකි. පපුවට සෙම, හතිය දැඩිව දැනෙන දිනක් නිසා සෙම් වඩන සීතල ආහාර අනුභවයෙන් වැළකීම සුබයි. කිසියම් ආදර සබඳතාවක් බිඳී යන දිනකි. ඉවසීමෙන් කටයුතු කරන්න.

ධනු 
ව්‍යාපාර ලාභ

ධනු ලග්නයට අනුව අද ඔබ යම් සතුට දනවන ආකාරයේ ජයග්‍රහණයකට පත් වේ. කලක් තිස්සේ පැවති වියදම් සහගත කටයුත්තක් ලාභ ලබමින් කරගෙන යෑමට හැකි වේ. සතුරු බලවේග මැඬපැවැත්වීමට හැකි වන අතර, සමාජශීලී කටයුතු රැසක නියැළීමට ද හැකි වේ. තම වාහනයක් පිළිබඳ තිබූ නීති ගැටලුවක් ද අවසන් වේ. විශේෂ ආර්ථික ලාභයකට ද හේතුයි.

මකර 
විවිධ සැමරුම් අතීත ආවර්ජනා

මකර ලග්නයට අනුව ගෘහ ජීවිතය සතුටුදායක වේ. නිවසේ උත්සවශ්‍රීයක් පෙනෙන්නට තිබේ. දේපළ හිමිකමක් පෙන්වයි. ව්‍යාපාර අතර, විසිරුදේ ආශ්‍රිතව කරන ව්‍යාපාරයකට අතගසයි. තමාට කලක් තිස්සේ රැකවරණයට අත් උදව්වට සිටි අයකුගේ දුරස්වීමක් පෙන්වයි. වියදම් පැත්ත දැඩි වුවද ලැබීම් අතින්ද සතුටු විය හැකි දිනකි. හිසේ කැක්කුම් වේදනා පපුවේ ලේ ගමනාගමනයේ අවහිරතා මතු කෙරෙන දිනකි.

කුම්භ 
ලොතරැයි ජය

කුම්භ ලග්නයට අනුව අද ඔබට ඉතා සුබයි. අවිවාහක අයට මංගල යෝගද විවාහක අයගේ යුගදිවියේ සතුට ද නැවත ආවර්ජනය කිරීමට හැකිවේ. හදිසි ධන සම්පතකට ඉඩ ඇති අතර, ලොතරැයි ජයග්‍රහණයකට ද හේතු වේ. නීතිමය ගැටලුවකට මුල්වීමට ඉඩ ඇති නිසා පාරේ තොටේ වුව ගමන් කිරීමේදී සැලකිලිමත්වන්න. පාදයේ වළලුකරට අගුණයි. සුන්දරත්වය උදෙසා තම වටපිටාව සකසා ගැනීමට උනන්දුවන දිනකි.

මීන 
පිටරට ගමන්

මීන ලග්නයට අනුව ජලාශ්‍රිත කටයුතුවලින් ලාභ ලැබේ. පිටරටකට යාමට බලාපො‍ෙරාත්තුවෙන් සිටි අයගේ එම අදහස් මුදුන්පත් වේ. දරුවන්ගේ ජයග්‍රහණයක් සැමරීම වෙනුවෙන් කැපවීමට සිදුවේ. තම ව්‍යාපාරික ඥානය වැඩි දියුණු වන අතර,එම කටයුතු සඳහා බොහෝ දෙනෙක්ගේ ඇප උපකාර ලැබෙන දිනකි. තුනටියේ ආපදා උගුරේ ආපදා පැමිණිය හැකිය.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී - හිටපු සුබසෙත ජ්‍යෙෂ්ඨ කර්තෘ අජිත් ධර්මසිරි

නව අදහස දක්වන්න