ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් කළුබෝවිල රෝහලට ශ්වසනාධාරකයක් | දිනමිණ

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් කළුබෝවිල රෝහලට ශ්වසනාධාරකයක්

ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් නායක දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අනුග්‍රහයෙන් කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර අංශයට අවශ්‍යව තිබූ ජංගම ශ්වසනාධාරකයක් (වෙන්ටිලේටරයක්) පසුගියදා රෝහල වෙත පරිත්‍යාග කෙරිණි.

රුපියල් ලක්ෂ 21 ක් වටිනා මේ වෙන්ටිලේටරය විශේෂයෙන් ශ්වසන අසීරුතාවෙන් පෙළෙන කොවිඩ් රෝගීන් සඳහා භාවිතා කරනු ලබයි. චරිත් අසලංක, දුෂ්මන්ත චමීර හා භානුක රාජපක්ෂද මේ අවස්ථාවට එක්ව සිටියහ. මාධ්‍යවේදි රන්ජන් පරණවිතාන සහ කළුබෝවිල රෝහලේ දොස්තර කුෂාන් අතුකෝරාල මහත්වරු විසින් මේ සඳහා සම්බන්ධිකරණ කටයුතු සිදු කළේය. දසුන් ශානක විසින් අදාළ වෙන්ටිලේටර යන්ත්‍රය කලුබෝවිල රෝහලේ අධ්‍යක්ෂිකා සාගරී කිරිවන්දෙණිය මහත්මිය වෙත භාර දුන් අයුරු.

නව අදහස දක්වන්න