බස් වර්ජනය අවසන් | දිනමිණ

බස් වර්ජනය අවසන්

ඉන්ධන ගැටලුවක් මුල් කර ගනිමින් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පෙරේදා (04) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වැඩවර්ජනය ඊයේ (05) සවස අවසන් කෙරිණි.

බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී පෞද්ගලික බස් රථ හිමියන්ට ප්‍රමාණවත් ඉන්ධන දෙන බවට ඇති වූ එකඟතාවක් අනුව මේ වර්ජනය අවසන් කර තිබේ.

ඊයේ (05) පැවති වැඩවර්ජනය හේතුවෙන් මගීන් දැඩි අසීරුතාවට පත්ව සිටි නමුත් එම තත්ත්වය අවම කිරීම සඳහා ලංගම බස් රථ වැඩි සංඛ්‍යාවක් ධාවනයට එක් කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබිණි.

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න