අයහපත් කාලගුණයෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා | දිනමිණ

අයහපත් කාලගුණයෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

 
මේ දිනවල දිවයින ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් බොහෝ ස්ථාන වල ජල ගැලීම් නායයෑම් වාර්තා වෙයි.
 
 
උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සහ හැටන් අතර දුම්රිය මාර්ගයට පස් කදු කඩා වැටීම හේතුවෙන් කොටුව හා බදුල්ල අතර දුම්රිය ධාවනය තවදුරටත් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
 
මේ හේතුවෙන් අද (06) දිනයේ ධාවනය වීමට නියමිතව තිබූ බදුල්ල හා කොළඹ අතර දුම්රිය මෙන්ම කොළඹ කොටුව හා බදුල්ල අතර දුම්රිය ද අවලංගු කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය
PDF File: 

නව අදහස දක්වන්න