චීන නෞකාවේ සංචාරය ප්‍රමාද කරන ලෙස මෙරටින් ඉල්ලීමක් | දිනමිණ

චීන නෞකාවේ සංචාරය ප්‍රමාද කරන ලෙස මෙරටින් ඉල්ලීමක්

චීනයේ යුවාන්වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායට ලඟාවීම ප්‍රමාද කරන ලෙස ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය  චීන රජයෙන් ඉල්ලීමක් කර තිබෙයි.
 
අගෝස්තු 11 වනදා හම්බන්තොට වරායට ළඟාවීමට නියමිතව තිබූ එම නෞකාව ලබන 17 වනදා දක්වා එහි නැංගුරම්ලා තැබීමට නියමිතව තිබුණි.
 
අධි තාක්ෂණයෙන් සමන්විත චීන නෞකාව මෙරට සංචාරයකට පැමිණිම කලාපීය ආරක්ෂාවට තර්ජනයක් ලෙස ඉන්දියාව ප්‍රකාශ කරයි.
 
හම්බන්තොට වරායට පැමිණීම සඳහා පසුගිය ජුලි 13 වනදා චීනයේ ජියෑන්ග්යින් ප්‍රදේශයෙන් පිටත්වී ඇති එම නෞකාව මේ වනවිට තායිවාන මුහුදු සීමාවට ආසන්න වී තිබේ.
 
පර්යේක්ෂණ හා ගවේශන කටයුතුවල නිරත වන බව පැවසෙන චීනයේ යුවාන්වැන්ග් 5 නෞකාව 2017 නිපදවූවක් වන අතර එහි ගෙන යාහැකි බහාලුම්වල ධාරිතාව ටොන් 11,000කි.
 
මෙම නෞකාවේ පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව  දැඩි අවධානයක් යොමු කර තිබෙයි
 

නව අදහස දක්වන්න