තායිලන්තයේ රාත්‍රී සමාජ ශාලාවක් ගිනි ගනී | දිනමිණ

තායිලන්තයේ රාත්‍රී සමාජ ශාලාවක් ගිනි ගනී

13ක් මරුට

තායිලන්තයේ නැගෙනහිර පළාතේ පිහිටි චොන්බුරි නුවර රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 13 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තවත් පුද්ගලයන් ගණනාවක් තුවාල ලබා රෝහල්ගතව සිටින බව පොලිසිය සහ ආපදා මෙහෙයුම් නිලධාරින් තහවුරු කර ඇත.

බැංකොක් නුවරට කිලෝමීටර් 160ක පමණ දුරකින් පිහිටි චොන්බුරි නුවර මවුන්ටන් බී නමැති මේ සමාජ ශාලාවේ ඇති වූ ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැති අතර, පොලිස් අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් එම ස්ථානයේ සාක්ෂි රැස් කරමින් සිටී. මිය ගිය පුද්ගලයන් සියලු දෙනාම තායිලන්තය ජාතිකයන් බව පොලිසිය ප්‍රකාශ කර ඇත.

නව අදහස දක්වන්න