කල කම් පල දී පතාලයා ගල් වලකට වැටී මියයයි | දිනමිණ

කල කම් පල දී පතාලයා ගල් වලකට වැටී මියයයි

අපරාධ කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු ඔහු සගවා තිබූ ආයුධ කිහිපයක් විශේෂ කාර්යය බලකායේ පොලිස් නිළධාරින්ට පෙන්වීමට යෑමේදී කඩුවෙල ප්‍රදේශයේ ගල් වලක වැටී මිය ගොස් තිබෙයි
 
අත්අඩංගුවට ගත් සැකකරු සඟවා තිබූ බව කියන ආයුධ තොගයක් පෙන්වීම සඳහා කඩුවෙල වැයික්කවත්ත පාර ප්‍රදේශයේ ගල්වලක් වෙත රැගෙන ගිය අවස්ථාවේදී සැකකරු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගෙන් මිදී පලා යාමට උත්සාහ කර තිබෙයි
 
මෙම අවස්ථාවේ සැකකරු ගල්කොරිය ඉහළ සිට පහළට ඇදවැටීමෙන් මෙලෙස අනතුරට ලක්ව ඇති බව නවගමුව පොලීසිය සදහන් කරයි.
 
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 34 හැවිරිදි වියේ පසුවූ කඩවත ඉහල බියන්විල ප්‍රදේශයේ පදිංචි තුවාන් සිරාර් නමැති පුද්ගලයෙකි
 
එම සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු බවටද තොරතුරු අනාවරණය වී තිබිණි.
 
එසේම අදාළ සැකකරුට එරෙහිව බරපතළ චෝදනා 13ක් සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් ඇති බවද නවගමුව පොලීසිය වැඩිදුරටත් සදහන් කරයි.

නව අදහස දක්වන්න