කතරගම ඇසල උත්සවය නිමාවට පත් වෙයි | දිනමිණ

කතරගම ඇසල උත්සවය නිමාවට පත් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ 2022 වාර්ෂික ඇසල මංගල්‍යයේ අවසාන මහා රන්දෝලි පෙරහර ඊයේ (11) රාත්‍රී අතිඋත්කර්ෂවත් ලෙසින් පැවැත්විණි.
 
බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා පෙරටුකරගත් අවසාන මහා රන්දෝලි පෙරහර උඩරට,පහතරට සහ සබරගමු නැටුම් කණ්ඩායම් සහිත අලි ඇතුන් පිරිවරාගෙන කතරගම මහා දේවාලය අසලින් ආරම්භවී දෙවෙනි වාහල්කඩ දොරටුවෙන් කිරිවෙහෙර අභියසට ගොස් ආගමික වතාවත් සිදුකොට ආපසු දේවාල මළුවට පැමිණ ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටවීදිය හරහා වල්ලිඅම්මා දේවාලයට අසලට ගොස් ආපසු කතරගම මහා දේවාලයට ගමන් කළහ.
 
අවසාන මහා රන්දෝලි පෙරහර නැරඹීම සඳහා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් කතරගම පුදබිමට පැමිණ සිටි බව වාර්තා වෙයි.
 
අද (12) අලුයම මැණික් ගඟේ දියකැපීමෙන් පසු උත්සව කටයුතු නිමාවට පත්විය.
 
(ඩී.එස් ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ )

නව අදහස දක්වන්න