රුපියල් 20කට උසාවි ගිය ඉන්දියානුවා වසර 22කට පසු නඩුවෙන් ජය ගනී | දිනමිණ

රුපියල් 20කට උසාවි ගිය ඉන්දියානුවා වසර 22කට පසු නඩුවෙන් ජය ගනී

දුම්රිය ප්‍රවේශපත්‍රයට අධික මිලක් නියම කිරීම හේතුවෙන් නඩු පැවරූ ඉන්දීය ජාතිකයකු ඊට වසර 22කට පසු ඉන් ජය ලැබූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ. තුංග්නාත් චටුර්වේදි නමැති මේ ඉන්දීය ජාතික නීතිඥයා 1999 වසරේ මතුර නුවර සිට මොරාදබාද් නුවර දක්වා ගමන් කිරීමට එරට මුදලින් රුපියල් 70කට මිලදී ගත් දුම්රිය ප්‍රවේශපත් දෙකකට වැඩිපුර රුපියල් විස්සක් අයකළ බවට ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුවට එරෙහිව මේ නඩුව පවරා තිබිණි. එක් අයකුට රුපියල් 35ක් බැගින් මිලදී ගත් ප්‍රවේශපත් දෙකට සම්පූර්ණ මුදල රුපියල් 70ක් වන බවත්, ඔහු ප්‍රවේශපත් කවුන්ටරයේ නිලධාරියාට දුන් රුපියල් 100න් ඔහු ඉතිරි මුදල ලෙස දී ඇත්තේ රුපියල් 10ක් පමණක් බවත් වාර්තා වේ.

මේ වන විට 66 හැවිරිදි වියෙහි පසුවන චටුර්වේදී සිය නඩු විභාගය වෙනුවෙන් වාර සියයකට වැඩි අවස්ථා ප්‍රමාණයක් උසාවියේ පෙනී සිට ඇති අතර, අවසානයේ නඩුවෙන් ජයගනු ලැබුවද අධිකරණයේ මන්දගාමී ක්‍රියාකලාපය නිසා සත විසිපහක් වෙනුවෙන් මෙතරම් දීර්ඝ කාලයක් ශ්‍රමය හා කාලය වැය කිරීමට සිදුවීම පිළිබඳ කනස්සල්ල පළ කළේය.

නව අදහස දක්වන්න