සජස ආණ්ඩුවක් යටතේ තාක්ෂණික විප්ලවයක් කරනවා | දිනමිණ

සජස ආණ්ඩුවක් යටතේ තාක්ෂණික විප්ලවයක් කරනවා

ඉදිරියේදී බිහිවන සමඟි ජන සන්ධාන ආණ්ඩුවක් යටතේ රට තුළ තාක්ෂණික විප්ලවයක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හෙතෙම මේ බව පැවසුවේ පැල්මඩුල්ල ආසන බල මණ්ඩලය පසුගිය දා අමතමිනි.

පවතින ආර්ථික අවපාතයෙන් රට ගලවා ගැනීම සඳහා සෑම ක්ෂේත්‍රයකම තාක්ෂණික දියුණුවක් සිදු විය යුතු බවත් එය මෙරට පාසල් පද්ධතියේ සිට අරම්භ විය යුතු බවත් හෙතෙම මෙහිදී කීවේය.

ඒ මඟින් සෑම ක්ෂේත්‍රයක්ම දියුණුවට පත් කර රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් මුදවා ගැනීමට කටයුතු කරන බවද ප්‍රේමදාස මහතා කීවේය.

මේ අවස්ථාවේ රට අසීරු තත්ත්වයක පැවතියත් එම තත්ත්වය යම් තරමකින් හෝ පාලනය වී ඇත්තේ 80 දශකයේ අග භාගයේ සහ 90 දශකයේ මුල් භාගයේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් ඇඟලුම් කම්හල් 200 වැඩපිළිවෙළ ආරම්භ කළ නිසා බවත් එහෙත් ඉන් පසු බිහි වූ නායකයෝ පටු දේශපාලන අරමුණකින් යුතුව එම වැඩසටහන ක්‍රියාත්මක නොකළ බවත් යම් හෙයකින් එම අපනයන කේන්ද්‍රීය ඇඟලුම් කර්මාන්ත වැඩසටහන අඛණ්ඩව ක්‍රියාවට නැංවූයේ නම් අද අප මුහුණ දී සිටින ආර්ථික අවපාතයෙන් පහසුවෙන් මිදීමට හැකි වන බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

පී.කේ. බණ්ඩාර

නව අදහස දක්වන්න