Huawei Technologies Lanka හොඳම සේවා ස්ථාන 50 අතරට | දිනමිණ

Huawei Technologies Lanka හොඳම සේවා ස්ථාන 50 අතරට

මෙරට ප්‍රමුඛ පෙළේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නකු වන Huawei Technologies Lanka සමාගම 'ශ්‍රී ලංකාවේ සේවය කිරීමට සුදුසුම ආයතන (Great Place to Work® Sri Lanka)' අතරට අඛණ්ඩව සිව් වැනි වරටත් එක් වීමට සමත් විය. ඊට අමතරව, Huawei Technologies Lanka සමාගම මෙවර අඛණ්ඩව දෙවැනි වසරටත්, 'ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50’ නම් කෙරෙන ගෞරවනීය ආයතන ලැයිස්තුවේ ලැයිස්තුගත වීමටද සමත් විය. ඊට අමතරව Huawei සමාගම ‘2022 වසර සඳහා ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 15’ අතරට එක් වීම වෙනුවෙන් මෙන්ම 'නවෝත්පාදන දිරිගැන්වීමේ විශිෂ්ටත්වය' සඳහාද සම්මාන දිනා ගැනීමට සමත් විය. මේ සුවිශේෂි ජයග්‍රහණ හතර සැමරීම වෙනුවෙන් උත්සවයක් පසුගියදා කොළඹ Huawei ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

ඩිජිටල්කරණය, බුද්ධි පරිවර්තනය හා කාබන් විමෝචනය අවම කිරීම යන අරමුණු පෙරදැරි කර ගනිමින් ක්‍රියාත්මක වන අතරතුර, ඉහළ විශ්වාසය, අඛණ්ඩතාව, වර්ධනය සහ සේවක සේවිකාවන්ගේ සුරක්ෂිතභාවය යන ගුණාංග පෝෂණය කෙරෙන ආයතනික සංස්කෘතියක් ගොඩනැංවීම කෙරෙහි ස්ථිරසර ලෙස අවධානය යොමු කරන Huawei සමාගම මේ ජයග්‍රහණ ගැනීමට සමත් වූයේ 'Great Place to Work Sri Lanka' සමීක්ෂණ ආයතනය විසින් ආයතනවල සේවකයන්ගේ අදහස් ඇතුළුව කරන ලද ස්වාධීන සමීක්ෂණයකට අනුව වීම විශේෂිතය.

 

නව අදහස දක්වන්න