සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් 81.5% වර්ධන වේගයක | දිනමිණ

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් 81.5% වර්ධන වේගයක

රටේ පවතින අයහපත් සාමාජීය ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම මෙරට ශීඝ්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම බව ප්‍රත්‍යක්ෂ කරයි. ශ්‍රී ලංකා රක්ෂණ සංගමය 2022 සඳහා ජීවිත රක්ෂණ සමාගම්වල කාර්යසාධන වාර්තාව පසුගියදා ප්‍රකාශයට පත් කළ අතර, එහිදී සියලු ජීවිත රක්ෂණ සමාගම් අභිභවමින් 81.5%ක වර්ධන වේගයක් වාර්තා කරමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම ජීවිත රක්ෂණ සමාගම් අතරින් 09 වැනි ස්ථානය ලබා ඇත. 2021දී 11 වැනි ස්ථානයේ සිටි සණස ලයිෆ් වසරකදී සමාගම් ගණනාවක් අහිභවමින් 09 වැනි ස්ථානයට පැමිණීම සුවිශේෂ වේ. 2022 පළමු මාස හයේදී සණස ලයිෆ් රු. මිලියන 1,307ක දළ වාරික ආදායමක් ලැබූ අතර, එය 2021ට සාපේක්ෂව 81.5%ක වර්ධන වේගයකි.

2003දී සණස, ජීවිත රක්ෂණ සමාගමක් ලෙස කටයුතු කිරීමේ බලපත්‍රය හිමි කර ගත් අතර, ආරම්භයේ සිටම ශ්‍රී ලාංකීය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ පෙරළිකාර වෙනස්කම් කරමින් දිනෙන් දින ඉදිරියට පැමිණ තිබේ. ජීවිත රක්ෂණ සමාගමක් ලෙස තම සමාජීය වගකීම මැනවින් හඳුනා ගත් සණස ලයිෆ් පසුගිය කොවිඩ් 19 වසංගත කාලයේදී රක්ෂණ වාරික ගෙවීමට අපොහොසත් වූ ජීවිත රක්ෂණ හිමියන් 20,000කට අධික සංඛ්‍යාවකගේ අක්‍රිය වූ ජීවිත රක්ෂණ ඔප්පු කිසිදු මුදලක් අය නොකර සක්‍රිය කළේය.

 

නව අදහස දක්වන්න