ගීතයට පෙම් බඳින රාගම සුගත් | දිනමිණ

ගීතයට පෙම් බඳින රාගම සුගත්

රාගම සුගත්, කලක් තිස්සේ කලාවේ රැඳී සිටින සුගත් ජානක කලා ලෝකේ හුඟ දෙනකු හඳුනන්නේ එහෙමයි. රංගන ශිල්පියකුට අමතරව ගායකයකු විදියටත් හපන්කම් පෙන්වන සුගත් 23 වසරක් තිස්සේ කලා ලෝකයේ අහුමුලුවල සැරිසැරූ අයෙක්. ඒ අනුව සුගත ඉකුත්දා පොහොය කතාවක් 'අතීත ස්මරණ' නමින් අධ්‍යක්ෂණයටත් පෙලඹුණා. එය ඉදිරියේදී විකාශයට නියමිතයි.

'හුඟක් සිනමා උළෙලවලට රංගන ශිල්පින් හුඟ දෙනකුට ඇරියුමක්වත් නැහැ. ඒ වෙනුවට මොඩ්ල්ස්ලාටයි තැන තියෙන්නේ...'

කලා ලෝකයේ බොහෝ නළු නිළියන් නඟන මැසිවිල්ලක් සුගත්ටත් ඇති වගයි ඒ ප්‍රකාශයෙන් පෙනෙන්නේ.

ඔහු මේ දිනවල ඔබ මගේ වෙලා ගීතය හරහා සමාජ මාධ්‍ය ජාල හරහා ජනප්‍රියත්වයක් උසුලනවා. එම ගීයේ පද රචනය, සංගීතය වගේම රූප රචනයත් සුගත්ගේ. 'ආදරේ මතකයන්' සුගත් මින් පෙර ගීයෙන් රසිකයා හමුවූ තවත් අවස්ථාවක්.

චාමිකා

නව අදහස දක්වන්න