ඔමික්‍රොන් හී භයානකකම ගැන ඔබ දන්නවා ද? | දිනමිණ

ඔමික්‍රොන් හී භයානකකම ගැන ඔබ දන්නවා ද?

ශාෂිංක විදුසර
Video: 

කොවිඩ් වසංගතය සමඟ දෙවසරක කාලයක් මුළුල්ලේම මුළු ලෝකයම කාලය ගත කරමින් පවතිනවා

මුල් වෛරසය ක්‍රමයෙන් වෙනස් වෙමින් නොයෙකුත් විකෘති ප්‍රභේද නිර්මාණය වෙන බව මේ වන විට හඳුනාගෙන ඇති කරුණක්

රෝගය බෝවීමේ අවදානම වැඩි පරිසර තත්ත්ව තුළ දී මෙවන් විකෘති නිර්මාණය වීමේ හැකියාව ද ඉහළ මට්ටමක පවතිනවා

වරින් වර භයානක මට්ටමේ කොරෝනා රැළි ඇති කිරීමට  ඇල්ෆා, බීටා, ගැමා සහ ඩෙල්ටා විකෘති වෛරස් ප්රනභේද සමත්වුණා

මේ වන විට තවත් දරුණු කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳව මුළු ලෝකයේම අවධානය යොමු වී තියෙනවා

 (B.1.1.529) ලෙස හඳුනා ගත් මෙම ප්‍රභේදය මේ වනවිටත් ලෝකය පුරා දැඩි කතාබහට ලක්වෙමින් තිබෙනවා.

දැනට දකුණු අප්‍රිකාව තුළ මෙම නව කොවිඩ් ප්‍රභේදයේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව ලෝක සෞඛ්ය් සංවිධානය නිවේදනය කරනවා

අවදානම් සහගත වෛරසය ප්‍රභේදයක් ලෙස හඳුනා ගත් මෙම වෛරස ප්‍රභේදය පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔමික්‍රෝන් ( Omicron ) ලෙස නම් කරනු ලැබුවා. ග්‍රීක අක්ෂර පදනම් කරගෙන මෙම නාම කරණය සිදුකරනු ලැබූ අතර ඔමික්‍රෝන් ප්‍රභේදය මෙතෙක් ග්‍රීක අක්ෂර වලට අනුව නාම කරණය කළ පස්වන කොරෝනා වෛරස ප්‍රභේද වේ.

ඔමික්‍රොන් ගැන විශේෂ සමාලෝචනයක්  හා තක්සේරුවක්  සඳහා කොවිඩ් වෛරසය හෙවත් SARS-CoV-2 වෛරස් පරිණාමය පිළිබඳ TAG-VEනම්තාක්ෂණික උපදේශක කණ්ඩායම මෙම නාමකරණය ලබාදුන්නා.

ඔවුන්ට අනුව දකුණු අප්‍රිකාවේ වසංගත රෝග තත්ත්වය ප්‍රබලව වාර්තා වූ අවස්ථා වලදී වෙනස් උච්ච අවස්ථා තුනක් නිරීක්ෂණය වී තිබුණු අතර එම ආසාදනයන් ඇති කළ එක් ප්‍රභේදයක් ලෙස ඔමික්‍රෝන් හඳුනා ගැනුනා.

ඉකුත් නොවැම්බර් 9වැනි දින ලබාගත් සාම්පලයක මුල්වරට මෙම කෝවිඩ් වෛරස ප්රරභේදය දක්නට ලැබී ඇති අතර මේ වන විට එය ආසාදිත පුද්ගලයින් බොට්ස්වානා, බෙල්ජියම, හොංකොං, ඊශ්රානයෙල් සහ එක්සත් රාජධානිය වැනි රටවලින් හමුවී ඇති බව තහවුරු කර තිබෙනවා.

දැනට අවධාරණය කරගෙන ඇති කරුණු අනුව ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතාම සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතින අතර වරක් කොවිඩ් ආසාදනයට ලක්වු පුද්ගලයන්ට ආසාදනය වීමේ වැඩි හැකියාවක් පවතින බව වාර්තා වෙනවා.

කෙසේ වූවත් ඔමික්‍රෝන් පිළිබඳව තවමත් පර්යේෂණ සිදුවෙමින් පවතිනවා.

මෙහි ඇති ජාන විකෘතිතා සංඛ්‍යාව අනෙකුත් ප්‍රභේද සමග සංසන්දනය කරන විට ඉතා ඉහළ අගයක් ගැනීම සුළු කොට තැකිය නොහැකිය තත්ත්වයක් බව විශේෂඥයන්ගේ අදහස යි

ඔමික්‍රෝන් COVID-19වෛරසය පැතිරීම අවම කිරීම සඳහා පුද්ගලයන්ට ගත හැකි වඩාත්ම ඵලදායි පියවර වන්නේ අන් අයගෙන් අවම වශයෙන් මීටර 1ක භෞතික දුරක් තබා ගැනීමයි.

හොඳින් ගැලපෙන මුව ආවරණයක් පැළඳීම, වාතාශ්‍රය වැඩි දියුණු කිරීම සඳහා කවුළු විවෘත කිරීම,දුර්වල වාතාශ්‍රය ඇති හෝ ජනාකීර්ණ අවකාශයන්ගෙන් ඈත්වීම , අත් පිරිසිදුව තබා ගැනීම ,හැකි වහාම එන්නත්කරණයට බඳුන් වීම ඔමික්‍රෝන් වලින් ආරක්ෂා වීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන් ලෙස දක්වා තිබෙනවා.

ඔමික්‍රෝන් භයානක තත්වයට පත්වීමට වැඩි ඉඩක් පවතින මොහොතක අපේ රටට ඔමික්‍රෝන් බලපෑමක් තවමත් නොමැති වුවත් තවත් කොවිඩ් රැල්ලකට ඉඩ නොතබා තමන් සහ අන් අය රැකගැනීම මේ අවස්ථාවේ දී අපගේ ප්‍රමුඛ වගකීමක් වනවා. 

 

 

නව අදහස දක්වන්න