අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ඖෂධ හා වෛද්‍ය සැපයුම් පරිත්‍යාගයක් | දිනමිණ

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ඖෂධ හා වෛද්‍ය සැපයුම් පරිත්‍යාගයක්

ලොව ප්‍රමුඛතම රාජ්‍ය නොවන සංවිධානයක් වන අමෙරිකාවේ "Americares" සංවිධානයෙන් ඩොලර් 773,000ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි. 
 
වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම සංවිධානය මෙම පරිත්‍යාගය සිදු කර ඇත. 
 
මෙම පරිත්‍යාගයට ශ්‍රී ලංකාවට කඩිනමින් අවශ්‍යවන ප්‍රසව හා කිරි මව්වරුන්ට දෙන විටමින්, නිදන්ගත රෝග ඖෂධ, අභ්‍යන්තර රුධිර වාහිනී කැතීටර්, සිරින්ජ සහ අත්වැසුම් ඇතුළත් බව තානාපති කාර්යාලය පවසයි.
 
එසේම මෙම පරිත්‍යාගයන් සැලසීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර අනාගත පරිත්‍යාගයන් සිදුකිරීමට හැකිවන පරිදි අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ බව ද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කරයි.
 

නව අදහස දක්වන්න