ධීවර කර්මාන්තයට අවශ්‍ය ඉන්ධන කඩිනමින් ලබාදීමට පියවර ගනී | දිනමිණ

ධීවර කර්මාන්තයට අවශ්‍ය ඉන්ධන කඩිනමින් ලබාදීමට පියවර ගනී

ධීවර කර්මාන්තයට අවශ්‍ය ඉන්ධන කඩිනමින් ලබාදීමට පියවර ගෙන ඇතැයි අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
 
පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ පැවති ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභා රැස්වීමේදී ඇමතිවරයා මේ බව සදහන් කළේය.  
 
මේ වසර අවසන් වීමට පෙර වැව් හාරදහසක මත්ස්‍ය පැටවුන් බෝ කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.  ධීවර හා ජලජ සම්පත් පනත යටතේ නියෝග ත්‍රිත්වයක් එම කාරක සභාව විසින් අනුමත කරනු ලැබීය.  ‍
ධීවර කර්මාන්තයට අදාළ ඇතැම් ක්‍රියාකාරකම් සඳහා අයකරන ගාස්තුවල සංශෝධනයක්ද සිදු කිරීමට නියමිතය.  
 

නව අදහස දක්වන්න