සැබෑ වෙනසක් ඇති කිරීමට මැතිවරණයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 15 දා සමඟි ජන බලවේගයේ අම්පාර ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමට එක් වෙමින් අම්පාර නගර ශාලාවේදී පැවසීය. එහිදී වැඩිදුරටත් ඔහු මෙසේද පැවසීය.
අද ගොවියා විනාශ කරලා. අද ධීවරයා විනාශ කරලා. කම්කරුවා ඉවරයි. කාන්තාව මූලික පවුල ඉවරයි. අම්මලාට දරුවන්ට කිරිපිටි ටික දෙන්න බැරි ආණ්ඩුවක්. පොදු ජනයා අතර අරගලයක් ඇති වෙලා. මේ ජන ඝාතක, ජන පීඩක ආණ්ඩුවේ ලොකුම කප්පිත්තා එළවලා දැම්මා. වෙනසක් වුණාද?. කිසි වෙනසක් නැහැ. හැබැයි තමුන්නාන්සේලා දුක් විඳිනකොට හොර පොහොට්ටුකාරයෝ ටික තම තමන් අතරේ ඇමැතිකම් බෙදා ගන්නවා. මේක ආර්ථික ඝාතන ආණ්ඩුවක්.
දමන සමුහ කේ.ඒ.මෛත්‍රීපාල
නව අදහස දක්වන්න