ත්‍රිපෝෂවල ගුණ අගුණ ගැන විමර්ශනයක් | දිනමිණ

ත්‍රිපෝෂවල ගුණ අගුණ ගැන විමර්ශනයක්

ත්‍රිපෝෂවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් විමර්ශනයක් කෙරෙමින් පවතින බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ (22) පාර්ලිමේන්තුවේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

රටේ පවතින ළමා මන්දපෝෂණය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.

දේශීය බඩ ඉරිඟු නිෂ්පාදනය අඩු වීම හේතුවෙන් ඉන්දියාවෙන් ආනයනය කළ අතර, එහිදී ඇෆ්ලටොක්සීන් රසායනයේ යම් යම් වෙනස්කම් ඇති වන්නට හැකි බව හෙතෙම පැවසීය. මේ ගැටලුව මීට මාස එකහමාරකට පමණ පෙර වූවක් වන අතර, සෞඛ්‍ය සේවා සම්බන්ධයෙන් යම් ගැටලුවක් වේ නම් ඒ පිළිබඳ ඕනෑම පාර්ශ්වයක් සමඟ විවෘතව සාකච්ඡා කිරීමට සූදානම් බවද ඇමැතිවරයා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,

‘‘මම මේ පින්තූරයත් අද සමාජගත කරනවා. ඔය කියන ප්‍රශ්නය මතු වුණේ දැනට මාස එකහමාරකට විතර උඩදී. ත්‍රිපෝෂ එකේ තරගකාරීත්වය පෞද්ගලික අංශයත් එක්ක යනකොට ඒ සියලු දෙනා ගෙනල්ලා සාකච්ඡා කළා. වෙළෙඳ ව්‍යාපාරයක ප්‍රතිඵලයක් ලෙස අපි දකින දෙයක්. ඔබතුමාලා මහජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින මිනිසුන් ලෙස මම කියන්නට ඕන වත්මන් තත්ත්වය පිළිබඳ. කරුණු දෙකක් මම කිව්වා. යම් පුවත් පතක තිබුණ ප්‍රචාරක වැඩක්. කෘෂිකර්ම අංශයේ ඇතිවූ අර්බුදයත් මෙයට හේතුවක්. මේ අමුද්‍රව්‍යවලින් රටේ තිබුණ ස්වයංපෝෂිත බව නැති වුණා. ඒ කියන්නේ බඩ ඉරිඟු හිඟ වුණා. ඒ නිසා ඉන්දියාවෙන් ගේන්න සිදු වුණා. ඉන්දියාවෙන් ගේනකොට ඇෆ්ලසයිටීස් කියන එක රටේ නිෂ්පාදනයට බලපානවා. ඔබතුමා කියන තත්ත්වය මත මේ සම්බන්ධයෙන් කරුණු කියන ලෙස නීතිමය ආකාරයට පෙරේදා ලිපියක් යවා තිබෙනවා. මම කරුණු ඉදිපත් කළාට පසුව සවිස්තර විස්තරයක් ඉදිරිපත් කරන බව මම ඊයෙත් පොරොන්දු වුණා. ඊයේ දවල් වෙනකොටම මේ සම්බන්ධයෙන් සටහනක් දීමට එන ලෙස දැනුම් දුන්නම ඔවුන්ගේ නීතිඥයන් මාර්ගයෙන් දැනුම් දෙන බව සඳහන් කර තිබෙනවා. අපි පැහැදිලිව කිව යුතුයි. අමුද්‍රව්‍යවල හිඟයක් තිබෙනවා. නිෂ්පාදනයේ හිඟයක් තිබෙනවා. ඇෆ්ලසයිටීස් ප්‍රශ්නයක් තිබෙනවා. ඒකත් එක්ක ගැට ගැහුණු තවත් කාරණා තිබෙනවා. මම දන්නේ නැහැ ඒක දේශපාලනික ද ව්‍යාපාරික ගැටලුවක් ද කියලා. ඒ වගේම සියයට අසූවක අගයක් සම්බන්ධයෙන් හම්බන්තොට වාර්තාවක් ගැනත් කිව්වා. මම ඒ වාර්තාවත් සභාගත කරන්නම්.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න