රුසියානුවන් ලක්ෂ 3ක් හමුදාවට කැඳවූ පුටින් යුද්ධ දෙකකට මැදි වෙයි | දිනමිණ

රුසියානුවන් ලක්ෂ 3ක් හමුදාවට කැඳවූ පුටින් යුද්ධ දෙකකට මැදි වෙයි

  • මොස්කව් නුවර දැවැන්ත උද්ඝෝෂණ
  • පුද්ගලයන් 1400ක් අත්අඩංගුවට

යුක්රේන යුද්ධය වෙනුවෙන් රුසියානුවන් ලක්ෂ 3ක් බලමුළු ගැන්වීමට ජනාධිපති ව්ලැදිමීර් පුටින් නියෝග කිරීම හේතුවෙන් දහස් සංඛ්‍යාත ජනතාව මොස්කව් නුවර උද්ඝෝෂණයක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පුටින්ගේ තීරණයට එරෙහිව ජනතාව පෙළ ගැසෙමින් සිටින බවත්, මොස්කව් නුවරට රැස් වූ දහස් සංඛ්‍යාත ජනතාව පුටින්ට එරෙහිව දැඩි විරෝධයක නිරතවන බවත් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

මේ වන විට විරෝධතාකරුවන් 1400කට අධික පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවද, ජනතා විරෝධය උත්සන්න වෙමින් පවතින අතර, විරෝධතා මැඬ පැවැත්වීමට අතිරේක පොලිස් බලඈණි ද කැඳවා ඇතැයි වාර්තා වේ.

රුසියානු ජනතාව යුක්රේන සටන්බිමට කැඳවීම හේතුවෙන් එරට තරුණයන් ජෝර්ජියා දේශසීමාව ඔස්සේ පලායමින් සිටින බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

නව අදහස දක්වන්න