චීනයේ හිටපු අධිකරණ ඇමැති රිමාන්ඩ් | දිනමිණ

චීනයේ හිටපු අධිකරණ ඇමැති රිමාන්ඩ්

ඩොලර් මිලියන 16ක අල්ලස් අරන්

චීනයේ හිටපු අධිකරණ ඇමැති ෆු ෂෙන්ගුවා අල්ලස් චෝදනාවක් මත සිරගත කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. සිය ධුරකාලයේදී යුවාන් මිලියන 117ක (අමෙරිකානු ඩොලර් මිලියන 16.5) තෑගි සහ මුදල් අල්ලස් වශයෙන් ලබා ඇති බවට එල්ල වූ චෝදනාවට වරදකරු බව ඔහු පසුගිය ජූලි මාසයේදී පිළිගෙන ඇතැයි ද වාර්තා වේ. චීන මාධ්‍ය වාර්තා කර ඇත්තේ හිටපු අධිකරණ ඇමතිවරයාට අත්හිටවූ මරණ දඬුවමක් සහ වසර දෙකකින් බලපැවැත්වෙන පරිදි ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් අත් විඳීමට සිදුවනු ඇති බවය. වසර 2018 සිට 2020 දක්වා ඔහු චීනයේ අධිකරණ ඇමැතිවරයා ලෙස කටයුතු කළේය.

 

නව අදහස දක්වන්න