අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඉම්රාන් සමාව ගනී | දිනමිණ

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඉම්රාන් සමාව ගනී

විනිසුරුවරියකට අපහාස කළ බවට චෝදනා ලබා සිටි ඉම්රාන් ඛාන් ඇයගෙන් සමාව ඉල්ලා සිටීමට එකඟතාව පළ කිරීම හේතුවෙන් ඔහුට විරුද්ධව ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීම කල් දැමීමට ඉස්ලාමාබාද් නුවර මහාධිකරණය ඊයේ තීරණය කළේය.

“උසාවියට අවශ්‍ය නම් විනිසුරුවරිය වෙත ගොස් ඇගෙන් සමාව ඉල්ලන්නම්. අධිකරණයට හෝ අධිකරණයේ කටයුතුවලට හානිවන අයුරින් මම කිසිදු ප්‍රකාශයක් කරන්නේ නෑ”

යනුවෙන් හිටපු අගමැතිවරයා මහාධිකරණයට ප්‍රකාශ කර තිබේ.

මේ චෝදනාවට ඔහු වරදකරු වුවහොත් පාකිස්තානයේ නීතියට අනුව අවම වශයෙන් වසර පහක් දක්වා ඔහු කිසිදු පොදු තනතුරකට නුසුදුස්සකු වීමේ අවදානමක් මතු වී තිබේ.

නව අදහස දක්වන්න