නවසීලන්ත පාපැදි ශූරියට තහනමක් | දිනමිණ

නවසීලන්ත පාපැදි ශූරියට තහනමක්

නවසීලන්ත පාපැදි ක්‍රීඩිකා ඔලිවියා රේ තහනම් උත්තේජක භාවිත කිරීම හේතුවෙන් වසර දෙකහමාරක තරග තහනමකට ලක්වී ඇත. අමෙරිකා තහනම් උත්තේජක විරෝධී ඒජන්සිය නිවේදනය කළේ තහනම් ද්‍රව්‍ය කිහිපයක් භාවිත කිරීම සහ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ඇය වරදකාරිය වී ඇති බවයි. ඕක්ලන්ඩ්හි උපත ලද 24 හැවිරිදි ඇයගේ තහනම පැරිස් ඔලිම්පික් උළෙල අවසන් වී මාසයකට පසු අවසන් වේ. මෙවර නවසීලන්ත ජාතික මාර්ග ධාවන ශූරතාවලියේ ජයග්‍රහණයක් ද ඇතුළත්ව ඇය දිනාගත් ශූරතා රැසක් අවලංගු වී තිබේ.

නව අදහස දක්වන්න