දසුන්ට පාසලෙන් උණුසුම් පිළිගැනීමක් | දිනමිණ

දසුන්ට පාසලෙන් උණුසුම් පිළිගැනීමක්

ආසියානු කුසලාන දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පිළිගැනීමේ උත්සවයක් පසුගියදා ඔහු ඉගෙනුම ලැබූ මීගමුව මාරිස්ටෙලා විදුහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මාරිස්ටෙලා විදුහල් ආදි ශිෂ්‍ය සංගමය, ආදි ශිෂ්‍ය ක්‍රීඩා සංගමය, විදුහල්පති සහෝදරතුමාගේ මඟ පෙන්වීම යටතේ සංවිධානය කර තිබූ මේ උත්සවයේදී අදහස් දැක්වූ දසුන් ශානක පැවසුවේ මේ තත්ත්වයට ඒමට තමාට විදුහලෙන් ශක්තිය දුන් බවයි.

“මම බිංදුවේ සිටයි මේ තත්ත්වයට ආවේ. මට මුල් කාලයේ ගොඩක් බාධාවල් ආවා. මාරිස්ටෙලා විදුහල් මාතාව මට මේ තත්ත්වයට ඒමට ශක්තිය ලබා දුන්නා. මාරිස්ටෙලා විදුහල් මාතාව අද දින ඉතා ගෞරවයෙන් පිළිගැනීම මා ලැබූ භාග්‍යයක් ලෙස සලකනවා.” ශානක පැවසීය.

මේ උත්සවයට දසුන් ශානකගේ බිරිය ද එක්වූ අතර, එහිදී විදුහල්පති සුනන්ද අල්විස් සහෝදරතුමා, ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති අජිත් වීරසිංහ මහතා ඇතුළු කිහිප දෙනෙක් ද අදහස් දැක්වූහ.

ඡායාරූපය ඩී. මිහිඳුකුල - කොච්චිකඩේ

නව අදහස දක්වන්න